
පුරෝගාමියා ලුනාව කලපුව ක්‍රීඩාංගනය ඇවිදින මංතීරුව හා විවේක උද්‍යානය වෙවත යන්නේ එහි ඇතැයි කියවෙනා වීර පුරන් අප්පුගේ පිළිරුවෙහි ඡායාරුවක් ගැනීමටය .
පුරෝගාමියා වෙනුවෙන් පෙනී සිිටිනා අපද කුඩා කල බිලිපිත්තක් ගෙන ඇමක් නොමැතිවම බිලි කටුව පවා ගිලිනා තරමට බට්ටෝ සිටි ලුනාව කලපුවේ අද එම මත්ෂ්‍යයින් කෝ යැයි ඇසූ විට බෙහෙතෙකටවත් නැති බව තතු දත් බොහෝ අය කියති .
එම වරද නොයෙක් වර බොල්ගොඩ කලපුව රැකගනිමු යන මැයෙන් නොයෙක් තැන්හී කතා කල නමුදු ප්‍රථිපලය ව ඇත්තේ එසේමය .
එය යලි යලිත් කතා කල යුතු වුවද ලුනාව කලපුව ක්‍රීඩාංගනය ඇවිදින මංතීරුව හා විවේක උද්‍යානයේ වත්මන් තත්වයන් පිළිබඳව නම් දොසක් කිව නොහැකි තරමටම නගර සභා සේවක සේවිකාවෝ එය නඩත්තු කරමින් පිරිසිදුව තබා ගන්නා බව පැහැදිලි විය
මේ මොරටුව ජනතාව සතු තවත් වටිනාම වූ සම්පතකි . මෙහි සොබා සන්දරත්වය සැබවින්ම අන් කිසිදු තැනක අත් නොවිඳිය හැකි තරම්ම විය .
ඒ නිසාම මෙහි ඇවිදින්නට හෝ හුදෙකලා වන්නට සිත නිවා ගන්නට පැමිණෙන්නනට සැබවින්ම මෙම පරිසරය කියා නිමකල නොහැකි තරමේ සුවයක් බව පුරෝ ගාමියාටද දැණුනි .
ඒ නිසාම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කල එවක නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා වෙතත් නියෝජ්‍ය නගරාධිපති හා එවක පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීධුර දැරුවෝ වෙතත් පුරෝගාමියා තම ස්තූතිය පුද කරනු ලබන්නේය .
එසේම වත්මනෙහි නගරාධිපති කේ ඩී නිශාන්ත ප්‍රදිනාන්දු මහතාට හා නියෝජ්‍ය නගරාධිපතිණිය හා එම මන්ත්‍රී මන්ඩලයටද මොරටුව ජනතාවගේ අයිතියක් වූ මෙම ස්ථානය මෙවන් තත්වයෙන් රැකගනිමින් පවත්වාගෙන යන්නට ක්‍රියා කිරීම පිළීබඳව ස්තූතිය පුදකල යුතුය .
කෙසේ වෙතත් පුරෝගාමියා පුරන් අප්පු පිලිරුව වෙත ගොස් එය වීඩියෝ ගත කරද්දී දැනුනේ මහත් අඩුපාඩුවකි . එය නම් මේ වීර පුරන් අප්පු විරුවාගේ කඩුව ඇත්තේ නැත . එය සොරකම් කරන්නට තරම් මොරටුවේ විරුදාවෙන් යුත් වදනින් පුරෝගාමිත්වයේ නගරයේ හොරුද අන් කිසිවෙකුට දෙවැනි වී නැත . ඔවුන් මේ කඩුව සොරා ගෙන ගොස් ඇත් තේ දෙවනි වතාවට බව මේ පිළිබඳව තෙරතුරු සෙවීමේ දී හෙලිවිය .
සමන් ලාල් ප්‍රනාන්දු මහතා එවක නගරාධිපති ලෙසින් මෙම කලපු සංවර්ධන ව්‍යාපෘතිය නිමකර මෙම කඩුව පිත්තල වැනි ව යම් වටිනාකමකින් යුතුව නිමකර තිබුණේය . නමුදු එසමයේද මේ හොරු එම කඩුව සොරා ගෙන ගියෝය .
ඉන් අනතුරුවද යලිත් කඩුවක් යොදා මෙම පිලිරුව සම්පූර්ණ කලද දැන් බොහෝ කලකට පෙර සොරා ගෙන ගිය එම කඩුව නැති අතින් පුරන්අප්පු මෙසේ බලා සිටියි .
පුරන් අප්පු විරුවා ව වැඩිම දේශපාලන වුවමනාවන් සදහා භාවිතා කලෝ බොහෝමයකි . ඒ ගැන නොකියා මේ පුරෝගාමියා ඉල්ලා සිටින්නේ මේ අගෝස්තු 8 වනදිනට එළෙඹෙන පුරන් අප්පු විරුවා ගේ 178 වන සැමරුමට කලියෙන් ලී වලින් හෝ කඩුවක් තනා මෙම අඩුපාඩුව සකස් කරනා ලෙසටය
එය සැබවින්ම මොරටුව නගරාධිපතිතුමාගේ අවධානයට යොමු විය යුතුය .
එසේම මෙම සොරකම කුඩ්ඩෙක් කලා යැයි සිතන්නට හැකි වුවත් පුරන් අප්පුගේ අශ්වයාගේ වෘෂණ කෝශද කඩා බිද දමා ඇති බව දුටු පුරෝගාමියාට සිතුනේ මෙය සොරකමකටත් එහා ගිය ඊර්ෂ්‍යාවේ ප්‍රථිපලයක් බවය .
කෙසේ වෙතත් මේ වන විට ආරක්ෂක සේවකයින් සිටිනා නිසා ඔවුනගේ ආරක්ෂාව විශේෂයෙන් මෙවැනි කඩා බිද දැමීම් පිලිබදව මින් මතු යොමුවිය යුතුය .
කෙසේ වෙතත් මෙම කලපුව මතින් දිවෙනා ප්‍රධාන මාර්ගයේ ඇති පාලමේ අත් වැලෙහි ඇති මෙම කොටස කැඩී තිබීම පිළිබඳවද වගකිවයුත්තනගේ අවධානය යොමු විය යුතුය . එසේම මෙහි ව්‍යායාමයට හා හිත නිවා ගන්නට පැමිණෙන්නෝ හා කල කතා බහේදී සැබවින්ම හදිසියේ වැසි වැටුනහොත් නැවතී හිස මුවා කරගන්නට තැනක් මෙහි ඇත්තේම නැත සැබවින්ම වැහි බීරිම ඇති වේලාවක පුරෝගාමියා එහි ගියේද වැස්සොත් මොකද කරන්නේ යන සිතුවිල්ලෙනි .
ඊටත් වඩා මෙහි සේවය කරනා නගර සභා සේවකයෝ වෙතද රැදී සිටීමට ස්ථානයක් ඇත්තේ නැත ? මෙය සැබවින්ම විශාල අඩුවක් බව මෙසේ පෙන්වා දෙන්නේ මේ පිළීබඳව වගකිව යුත්තනගේ අවධානය ඉක්මණින් යොමු වේ යැයි සිතමිනි !
මොරටුව නගරාධිපති නියෝජ්‍ය නගාරාධිපතිණීය ඇතුලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුනි මේ ඔබලා සියලු දෙනාගේම අවධානයටයි !

Be the first to comment