


නගරාධිපති කේ ඩී නිශාන්ත ප්‍රදිනාන්දු මහතා .
පුරෝගාමියා -
ඇයි මේ මහ සභා රැස්වීමේදී ඔබතුමාට බොහෝ වාරයක් එහි අරමුණු පැහැදිලි කරමින් එහි විනය හා කාලය රකින්නට මහත් උත්සාහයක් ගන්නට සිදු වන්නේ ?
නගරාධිපති -
කාගේවත් හොඳ අහන්න නෙමෙයි මං ඒ දේ කරන්නේ ? ජනතා ප්‍රශ්ණ ඉදිරිපත් කරන්න තියෙන අවස්ථාව ගෙන එය තම දේශපාලන අරමුණු ශාක්ෂාත් කරගන්න කීපදෙනෙක් උත්සාහ කරනවා ! එනිසා එය වැලක්වීම සිදු කරන්නයි මගේ උත්සාහය ...

ප්රතිපක්ෂ නායක යූ එල් සේනක දමයන්ත ද සිල්වා මහතා .
පුරෝගාමියා -
ඔබතුමා මොමනස හි ප්රතිපක්ෂ නායකතුමා ? ඒ නිසාම එක් නිශ්චිත ප්‍රශ්ණයක් ගෙන ඒ ගැන අසනවා වෙනුවට පොදුවේ ඔබතුමාගෙන් මම ප්‍රශ්ණ කරන්නේ මොමනස හි වත්මන් පාලනයේ තත්වයන් හා මහ සභාව පිළිබඳව ඔබතුමා දකින්නේ කෙසේද ?
ඇත්තෙන්ම මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිතුමා බොහෝ අත්දැකීම් ඇති පෙර විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස දැඩි ලෙස බොහෝ පැය ගණන් එම පාලනයන් විවේචනය කල අයෙක් .
එය මතකයට ගෙන වත්මනේ සියලු මන්ත්රීවරුනගේ අයිතීන් ආරක්ෂා කිරීම ඔහුගේ යුතුකමක් ....

මහා නගර සභා මන්ත්‍රී ඒ එච් සුදේශ් ඉන්ද්‍රජිත් කුමාර මහතා .
පුරෝගාමියා -
මොරටුවට විශාල ප්‍රශ්ණයක් වූ කසල කලමණාකරණයට විවිධ උපක්රමික සහිත කසල අංගනයක් පිහිටුවීමට ඔබතුමා විසින් මෙවර මහ සභාවට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා එය බොහෝ දෙනෙකුට නොවැටහුණු බව ඔවුන් ප්‍රකාශ කලා ? එය වැඩිදුරට විස්තර කලහොත් ?
මෙය ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හා සම්බන්ධව ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන්නක් . එමගින් අපට දන්වනු ලැබුවා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කර දීමට හැකි බව . ඉතින් හදිසියේ අපි මේ යෝජනාව ගෙන ආවේ ඒ නිසායි ....

මහා නගර සභා මන්ත්‍රී ඩී එම් සුජිත් පුෂ්පකුමාර මහතා .
පුරෝගාමියා -
මෙවර මහ සභා රැස්වීමේ දී ඔබතුමා ඔබගේ කතාව වීඩියෝ ගත කිරීම ප්‍රශ්ණ කල නගරාධිපතිතුමා එසේ නොකරන ලෙස ඉල්ලා සිටියා ඒ වෙලේ ඇතිවුණේ උණුසුම් තත්වයක් ? මොකක්ද මේ වීඩියෝ ගත කිරීම පිළිබඳව ඇතිවූ සිදුවීම ගැන ඔබතුමාගේ අදහස ?
ඔවුන් බයයි ඔවුන්ගේ ඇත්ත තත්වය ජනතාව දැන ගන්නවාට ඒ නිසා තමයි එසේ වීඩියෝගත කිරීම නවත්වන්නට උත්සාහ ගන්නේ ? මම මෙය වීඩියෝ ගත කරන්නේ මගේ ආරක්ෂාවට එය නවත්වන්නට ඔහුට බලයක් නැහැ ....

මහා නගර සභා මන්ත්‍රී මැක්සි ජේ ප්‍රනාන්දු මහතා .
පුරෝගාමියා -
මොරටුව මහ නගර සභාව සතු ඉඩම් බදු දීමේදී වාඩත් ප්‍රවේශම් වන ලෙස ඔබතුමා පසුගිය සභාවාරයේදී ඉල්ලා සිටියා ? එයට හේතු ලෙස ඔබතුමාගේ පැහැදිළී කිරීම කුමක්ද ?
ඉඩමකට අයිතිවාසිකම් කියන්න නගර සභාවේ ලිපි ලේඛන නොමැතිව බදු දීමේදී එය පසුව නගර සභාවට පවරා ගන්න නොහැකි වන බවයි මෙයට ප්‍රධාන හේතුව වන්නේ....

මහා නගර සභා මන්ත්‍රී බී සජිත් දුමින්ද පීරිස් මහතා .
පුරෝගාමියා -
මොරටුවටද සුවිශේෂ වූ ඩෙංගු උවදුර පිළිබඳව මෙවර මහ සභාවේදී ඔබතුමා යෝජනාවක් ඉදිරිපත් කලා එය කුමන අන්දමේ කාර්යයක්ද යන්න පැහැදිලි කලොත් එය මේ අවස්ථාවේ බොහෝ වටිනා දෙයක් වේවි ?
ඩෙංගු මර්ධනය කිසියම් ක්‍රමවත් වැඩ පිලිවෙලකට සිදු කල යුතුයි . ඒ නිසාම මොරටුව පුරා ජනතාව දැනුවත් කරමින් එක් එක් ආයතන වෙන් වෙන් වශයෙන් නොව එක් කන්ඩායමකට ගොනු කොට එක් සමෝධානික එක් වැඩ සටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කල යුතුයි ! ....

මහා නගර සභා මන්ත්‍රී ප්‍රියනාත් මෙන්ඩිස් මහතා .
පුරෝගාමියා -
මොමනස මැතිවරණයෙන් පසුව වසරකට වැඩි කාලයක් හිස්ව තිබූ මන්ත්‍රී ධූරයට ප්‍රියනාත් මෙන්ඩිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පත් කෙරුණ අතර ඔහුගේ පත්වීම වෙනුවෙන් මෙවර මහ සභාවේදී පක්ෂ විපක්ෂ සියල්ලෝ සුබ පැතූහ .
පුරෝගාමියා විසින් නව මන්ත්‍රී ධූරයෙන් පිදුම් ලැබූ ප්‍රියනාත් මෙන්ඩිස් මහතාට සුබ පතමින් ඔහුගේ අදහස් මෙසේ විමසීය . එහිදී ඒ මහතා කඩලාන ඩික්සන් ජේ පීරිස් ක්‍රීඩාංගණය පිළීබඳව නැවතත් තම අරමුණ පැහැදිලි කලේ මෙසේය ....

මහා නගර සභා මන්ත්‍රී ෂෙයාන් දුලිප් තිසේරා මහතා .
පුරෝගාමියා -
මෙවර මහ සභා රැස්වීමේදී ඔබතුමා යමක් පැවසීමට උත්සාහ කරද්දී එය නතර කරනු ලැබුවා ? ඒ කරුණ කුමක්ද ? ඔබට නගරාධිපතිතුමා විසින් පෞද්ගලිකව පැමිණ ඔහු හමුවන සේ උපදෙස් දුන්නා නේද ඒ කුමක් සදහාද ?
එය ඇත්තෙන්ම මා පිළිබඳව සිදුකල අසත්‍ය ප්‍රචාරයක් ඉතින් මට අවශ්‍ය වුනේ එය මහ සභාවට පැහැදිලි කරන්නයි . නමුත් එයට ඉඩක් ලැබුනේ නැහැ ...
පසුව නගරාධිපතිතුමා මට පෞද්ගලිකව හමුවන්න කීවත් මේ චෝදනාව නගා ඇත්තේ ප්‍රසිද්ධියේ නෙ ඉතින් මම හිතනවා ඒ ගැන මගේ ප්‍රකාශයත් ප්‍රසිද්ධියේ සිදුකරන්න අවසර අවශ්‍යයැයි කියා ....

මහා නගර සභා මන්ත්‍රී ඒ එච් සුරේෂ් ඉන්දික මහතා .

Be the first to comment