
ඩබ්. සමන්ලාල් ප්රනාන්දු මහතා මොරටුව මහ නගර සභාවේ වැඩිම වසර ගණනක් නගරාධිපතිවරයා ලෙසින් සේවය කල අය වෙයි .
ඒ අනුව, ඔහු මොරටුව නගරාධිපතිවරයා ලෙස මුළු වසර 14කට අධික කාලයක් (2006 සිට 2016 දක්වා සහ 2018 සිට 2023 දක්වා ලෙස වාර තුනක් යටතේ) සේවය කර ඇත.
මේ වන විට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හි කොළඹ දිස්ත්රික් සංවිධායකවරයා වන ඔහු පුරෝගාමියා හා එක්වෙමින් වත්මන් මොමනස පාලනයේ බැරිකම දැන පුරුද්ද කල පුරුද්ද පලපුරුද්ද නැතිකම නිසාම අත්වූ දෙයක් බවද පවසයි .
ඔහුගේ පාලන සමයේ මොමනස හි අඩු සම්පත් හා සේවකයින් සමගින් කල දේ පවා මෙදා මොමනස පාලනයට වැඩි සම්පත් හා සේවකයින් සමගද ඉටු කල නොහැකිව ඇත්තේ ඇයිද යන්න ඉහත හේතුව ගෙන මොරටුව ජනතාව වටහාගත යුතු බවද මෙහිදී ඔහු පවසයි .
ඩෙංගු වසංගතයට මෙන්ම කුණු කසල ප්රශ්ණයටද විසඳුම් ඉදිරිපත් කරනා ඩබ් සමන්ලාල් ප්රනාන්දු මහතා මෙසේ දෙන උපදෙස් ඔහුගේ යැයි නොකීවාට ප්රශ්ණයක් නැති බවද පවසමින් වත්මන් නගරාධිපති වරයා කල යුත්තේ තමන් කියනා දේ අනුව යමින් එසේ කරමින් එම ප්රශ්ණය විසඳන්නට මුල පුරමින් එය තමාගේ වැඩක් බව ප්රකාශ කිරීම බවද මෙහිදී පවසයි .
ඔහුට නගනා දැඩි චෝදනා පිළිබඳවද පුරෝගාමියා වෙත පිලිතුරු දුන් ඩබ් සමන්ලාල් ප්රනාන්දු හිටපු නගරාධිපතිවරයා පුරෝගාමියා හා කල සාකච්ඡාවයි මේ .

Be the first to comment