
ජාතික නිදහස් පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා
“දේශීය සම්පත් සහ ජාතික අනන්‍යතාවය පාවාදෙන කිසිදු විදේශීය බලපෑමකට ඉඩ තැබිය නොහැකියි”
“රටේ ස්වෛරීභාවය, දේශීය අනන්‍යතාවය සහ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම ඕනෑම පාලනයක මූලිකම වගකීමක් විය යුතුයි. වත්මන් රජය ක්‍රියාකරන ඇතැම් ආකාරයන් දෙස බැලීමේදී ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තීරණ සහ විදේශීය බලපෑම් පිළිබඳව අපට දැඩි සැකසංකා මතු වනවා.
විදේශීය මූල්‍ය ආයතනවල වට්ටෝරුවලට අනුව රටේ දේශීය සම්පත් පාලනය කිරීමට හෝ දේශීය ව්‍යාපාරිකයා අගාධයට ඇද දැමීමට ඉඩ දිය නොහැකියි. දේශීය කෘෂිකර්මාන්තය ශක්තිමත් කරමින්, ජාතික අවශ්‍යතාවලට මුල්තැන දෙන ස්වාධීන සහ දේශප්‍රේමී ආර්ථික ප්‍රතිපත්තියකින් බැහැරව කිසිදු රජයකට ඉදිරි ගමනක් යා නොහැකි බව අප අවධාරණය කරනවා.”
(ජූනි 26, පක්ෂ මූලස්ථානය – ඇතුල්කෝට්ටේ)

Be the first to comment