
පසුගිය කාලය පුරා දේශපාලන බලවතුන්ගේ දරුවන් සම්බන්ධ විවිධ නීතිවිරෝධී සිදුවීම් සාමාන්‍ය පරිදි යටපත් වී ගියද, වර්තමානයේ එම ප්‍රවණතාව සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවක් දිස්වේ. පෙර සමයේ මෙවැනි සිදුවීම් දේශපාලන බලය භාවිතයෙන් වසා දැමීමට කටයුතු කළද, වර්තමානයේ නීතිය කාටත් එකයි යන පදනම මත එවැනි වරදකරුවන් නීතියේ රැහැනට හසුවීම වේගවත් වී තිබේ.
පුරාවස්තු සෙවීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස සිදුකළ නිධන් හෑරීමේ සිද්ධියකට හිටපු අමාත්‍යවරයෙකුගේ පුතෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත්වීම මෑතකදී වාර්තා විය. ඊට අමතරව, කොල්ලුපිටිය ප්‍රදේශයේදී චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයා කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ නමැත්තා සම්බන්ධ නීතිමය කටයුතුවලදී අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් මීට පෙර අත්අඩංගුවට ගැනීම ද මෙයට කදිම නිදසුනකි.
මෙසේ දේශපාලන පසුබිම් සහිත පවුල්වල පුද්ගලයින් පවා නීතියට යටත් වීමෙන් පෙන්නුම් කරන්නේ, වර්තමාන මාලිමා රජය යටතේ කිසිදු වට්ටෝරුවකින් තොරව සෘජු නීතිය ක්‍රියාත්මක වන බවයි. රට තුළ මතුවන මෙම සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට ජනතාව අතරද දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

Be the first to comment