ජනාධිපති හමුවේ දනින් වැටී අධිකරණයේ ස්වාධීනත්වය විධායකයට පාවා නොදී සූරසේන වහා විශ්‍රාම ගත යුතුය – නාගානන්ද කොඩිතුවක්කු පවසයි (එම වීඩියෝව උපුටා දැක්වීමකි )

ජනාධිපතිවරයා හමුවේ දනින් වැටී අධිකරණයේ ස්වාධීනත්වය විධායකයට පාවා නොදී, විනිසුරු සූරසේන මහතා වහාම සේවයෙන් විශ්‍රාම ගත යුතු බවට නාගානන්ද කොඩිතුවක්කු මහතා වීඩියෝවක් මගින් දැඩි ලෙස බලකර සිටී.

පසුගිය අගවිනිසුරුවරුන් සහ විනිසුරුවරුන්ගේ නිල උපත් දත්ත විනිවිදභාවයකින් යුතුව ප්‍රසිද්ධ කර තිබියදී, සූරසේන මහතාගේ උපන් දිනය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු නොමැති වීම බරපතල ගැටළුවක් බවද ඔහු මෙම වීඩියෝවෙන්  පෙන්වා දී තිබේ.

එම ඔහුගේ ප්රකාශය අනුව සසඳා බැලීමේදී:

  • අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතාගේ උපන්දිනය – 1952.02.20

  • ප්‍රියසත් දෙප් මහතාගේ උපන්දිනය – 1953.10.12

  • මුර්දු ප්‍රනාන්දු මහතාගේ උපන්දිනය – 1960.07.27

යනුවෙන් ඔවුන්ගේ උපන් දින පැහැදිලිව වාර්තා වී ඇතත්, සූරසේන මහතාගේ උපන් දිනය මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති වීම හේතුවෙන් ඔහු “ගුප්ත චරිතයක්” ලෙස විවේචනයට ලක් වේ.

ජනතාව නොමඟ යැවීමට තවදුරටත් වහසිබස් දොඩමින් ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර, විධායකය ඉදිරියේ අධිකරණයේ ස්වාධීනත්වය පාවා දීමෙන් වැළකී, සූරසේන මහතා වහාම එම ධුරයෙන් ඉවත් වී විශ්‍රාම ගත යුතු බවට නාගානන්ද කොඩිතුවක්කු මහතා දැඩිව අවධාරණය කර සිටිති.

Be the first to comment

Leave a Reply