“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මේ වසර අවසන් වීමට පෙර අහෝසි කරනවා”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මේ වසර අවසන් වීමට පෙර අහෝසි කරනවා”

“තාවකාලික පියවරක් ලෙස මෙරටට හඳුන්වා දී වසර 46ක් පුරා ක්‍රියාත්මක වෙමින් පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) 2026 වසර අවසන් වීමට පෙර මුළුමනින්ම අහෝසි කිරීමට රජය කටයුතු කරනවා. මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ විවිධ පාර්ශ්වයන් දිගින් දිගටම කළ ඉල්ලීම් මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නිදහස තහවුරු කිරීම වෙනුවෙන් අප ලබාදුන් ප්‍රතිඥාව ඒ අයුරින්ම ඉටු කිරීමට අප බැඳී සිටිනවා.

කිසිදු රජයකට තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීමට හෝ පුද්ගල නිදහස අත්තනෝමතික ලෙස සීමා කිරීමට මෙවැනි දරුණු නීති භාවිත කිරීමට ඉඩ තැබිය නොහැකියි. ඒ වගේම, රට වැටී තිබූ ආර්ථික අගාධයෙන් ගොඩගැනීමට නම් මූල්‍ය විනය සහ රාජ්‍ය ආයතනවල විනිවිදභාවය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. වංචා සහ දූෂණ නැති කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් සියලු දෙනා වත්කම් ප්‍රකාශ ලබා දීමේ නීතියට අනිවාර්යයෙන්ම යටත් විය යුතු අතර, නීතිය ඉදිරියේ සැමට සමාන යුක්තියක් ඉටු කරන නව දේශපාලන සංස්කෘතියක් අප රට තුළ ස්ථාපිත කරනවා.”

(ජූනි 25, පාර්ලිමේන්තු සංකීර්ණය – ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ)

Be the first to comment

Leave a Reply