පොරොන්දු දේශපාලනයෙන් රවටා සමරකෝන් ඉඩමෙහි මාලිමාව ත් නොබලන අපායගාමී දුක් ජීවිතය ගැන එහි ජනතාව කියයි ?

අපේ රටේ තරම් දේශ පාලනයේදී රැවටෙන්නෝ මේ මුළු තුන් ලෝකයේමවත් නැතුවාසේ අපට හැඟෙන්නේ මේ කරුණු විමසා බලනා විටයි මේ විල්ලෝරා වත්තේ සමරකෝන් ඉඩමේ දේශපාලනඥයින් ජනතාවට මිහිපිට තනාදී ඇති අමු අපායයි.සැබවින්ම අද උදෑසනදී පුරෝගාමියාට දුරකතන ඇමතුමක් දුන් හිතවතකු වූ ප්‍රකාශ කර සිටියේ

ඔබ බොහෝ දුර ඈතගොත් මෙම මොරටුවේ පුවත් ප්‍රකාශ කරන්නා වූ වෙබ් අඩවියක් මෙහෙය වන්නේ වුවද ඔබ මෙතෙක් දැක නැති අපායක් පෙන්නන්නට පැමිණෙන ලෙසයි.

ඒ අනුව පුරෝගාමියා මෙසේ විල්ලෝරා වත්තේ සමරකෝන් ඉඩම වෙත පියවර නැගුයෙමු.

එහිදී සැබවින්ම එහි වෙසනො ජනතාවව දේශාලන පොරොරොන්දු වලින් අතරමන් කොට මෙදා කිසිවෙක් නොසොයා නොබලා ඔවුන් ව ඒ අපායේම තනිමන් කොට ඇත්තේ මෙසේය.

මේ මොරටුව ජනතාවගේ හුදී ජන පාන් සංවේගය පිණිස ඉදිරිපත් කිරීමයි.

ඔබම විමසා බලා වටහා ගන්න. පුරෝගාමියාට හැඟිනා පරිදි මෙතෙක් පාලනය වූ සියලු පාලනයන් හොඳයයි නොකීවද එම පාලනයන්ගෙන් ඉටවූ අවම සේවාවවත් මෙදා මාලිමා පාලනයෙන් ඉටු නොවන බව ඔවුන්ගේ මේ ප්‍රකාශයන් තුළින් පැහැදිලි නොවන්නේද සැබවින්ම මේ පුරෝගාමියාගේ අර්ථකථනයක් නොව ඔවුන්ගේ දුක්ඛ දෝමනස්සයන්ගේ ගේ විලාපයයි.

මේ විල්ලෝරාවත්ත ප්‍රදේශයේ සමරකෝන් ඉඩමයි .

මෙම අපායක් බඳූ අත්දැකීම් විඳිනා ජනතාවගේ දුක්ඛ දෝමනස්සයන් සොයා බැලීමට පක්ෂ විපක්ෂ සියල්ලනටම වගකීමක් හා යුතුකමක් ඇති බව පමණක් අවසන් වශයෙන් පුරෝගාමියා මෙසේ ගෙනහැර දක්වන්නෙමු .

 

 

Be the first to comment

Leave a Reply