
මව්බිම ජනතා පක්ෂයේ (MAVIMA) නායක දිලිත් ජයවීර මහතා
“සාම්ප්‍රදායික දේශපාලන සටන්පාඨ වෙනුවට ව්‍යවසායකත්ව ආර්ථිකයක් සඳහා වන දැක්මක් රටට අවශ්‍යයි”
“අද රටේ පවතින්නේ පැරණි සාම්ප්‍රදායික දේශපාලන ක්රමයේම තවත් දිගුවක් පමණයි. ජනප්‍රිය සටන්පාඨ සහ පොරොන්දු මඟින් පමණක් රටක ආර්ථිකයක් ස්ථාවර කරන්න හෝ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න බැහැ. අපට අවශ්‍ය කරන්නේ රටේ තාරුණ්‍යය සහ ව්‍යවසායකයා දිරිමත් කරන සැබෑ වැඩපිළිවෙළක්.
විදේශ ණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මතම යැපෙමින් සාමාන්‍ය වැසියා මත බදු පැටවීම වෙනුවට, නව උත්පාදන ආර්ථිකයක් සහ ව්‍යවසායකත්ව රාජ්‍යයක් බිහිකිරීම සඳහා වන ප්‍රතිපත්තිමය වෙනසක් සිදුවිය යුතුයි. වර්තමාන පාලනය සතුව එවැනි නව්‍ය සහ ප්‍රායෝගික දැක්මක් නොමැති බව ඔවුන්ගේ ආර්ථික හසුරුවීම් දෙස බැලීමේදී පැහැදිලි වනවා.”
(ජූනි 28, පක්ෂ මාධ්‍ය හමුව – රාජගිරිය)

Be the first to comment