
සියලු අවස්ථාවන්හි පුරෝගාමියා ගේ අතීත මාධ්‍ය භාවිතාවන් තුලදීද මොරටුවේ ජනතා ප්‍රශ්ණ වෙනුවෙන් නොපැකිලව ඉදිරිපත් වී තම සෘජු අදහස් ප්‍රකාශ කල මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසින් සුජිත් පුෂ්පකුමාර මහතා හඳුන්වා දිය හැකිය . අතීතයේ මොමනස හි නියෝජ්‍ය නගරාධිපතිධුරයද ඔහු විසින් හෙබවූයේය .
සතියේ දිනවල මොරටුව මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී කාර්යයාලය තුල කිසිදු පක්ෂ බේදයකින් තොරව ඔහු වෙත පැමිණෙන මොරටුවේ ජනතාව වෙත හැකි උපරිමයෙන් සේවය සලසනු ද සුලබ දසුනක්ය .
මේවන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොරටුව ආසන සංවිධායක වරයා වන ඔහු බොහෝ කලකට පෙර මොරටුව ජනතා සේවය වෙනුවෙන් ගොඩ නැගූ දිවිසවි පදනමේද නිර්මාතෘ වරයා වෙයි

Be the first to comment