විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නාගානන්ද කොඩිතුවක්කුගෙන් දැඩි ප්‍රහාරයක් ! ( වීඩියෝ උපුටා ගැනීම් සහිතයි )

රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් වයස් සීමාව දීර්ඝ කිරීම කිසිසේත් සිදු නොකළ යුතු බවට අවධාරණය කරමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් විශේෂ හඬපටයක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය නාලින්ද ජයතිස්ස සහ අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කර තිබේ.

මෙම කාරණය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පිහිටා සිටින නාගානන්ද කොඩිතුවක්කු මහතා, මහජන අයිතියක් ලෙස සැලකෙන ස්වාධීන අධිකරණ පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවට වත්මන් රජය හමුවේ කටයුතු කරන ආකාරය දැඩි ලෙස විවේචනය කර ඇත. විශේෂයෙන්ම, ස්වාධීන අධිකරණය රැකගැනීම පසෙකලා මාලිමාව හමුවේ නම්‍යශීලී වන පාර්ශ්ව දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කර ඇති ඔහු, එවැනි පුද්ගලයන් වහා නෙරපා හැිය යුතු බවද එම හඬපටය හරහා තරයේ කියා සිටියි.

රටේ අධිකරණ ක්ෂේත්‍රයේ ව්‍යවස්ථානුකූල භාවය සහ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ සූදානම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ සහ නීති ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක, නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් නිකුත් කරන ලද මෙම හඬපටය දේශපාලන හා නීතිමය කවයන් තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.

Be the first to comment

Leave a Reply