
විෂය: පහළ ඉදිබැද්දේ ‘හයිලන්ඩ් වෙළඳ සැල’ මගින් මහජන සෞඛ්‍යයට සහ මගී ගමනාගමනයට සිදුවන දැඩි බලපෑම සහ නීතිවිරෝධී ඉදිකිරීම් සම්බන්ධව.
අපේ රටේ ක්‍රමය කොතරම් අභාග්‍යසම්පන්නද යත්, ඕනෑම බරපතළ ප්‍රශ්නයක් විස්තරාත්මකව කරුණු සහිතව ලියා, අදාළ නිලධාරීන් වෙත ගිය විට සිදුවන්නේ විසඳුමක් ලැබීම නොව, එම ගැටලුව තවත් නිලධාරියෙකු වෙත ‘බෝලයක් මෙන් පාස් කිරීම’ පමණි. අවාසනාවන්තම කරුණ නම්, මොරටුව මහ නගර සභාව සම්බන්ධයෙන්ද මේ තිත්ත ඇත්ත පොදු වීමයි.
අප මේ පිළිබඳව මීට පෙරද වගකිවයුතු අංශ වෙත ඡායාරූප සහිතව කරුණු පැහැදිලි කර දී තිබියදීත්, අද වනතුරුත් ඔවුන් අන්ධයන් සේ හැසිරෙමින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීම ඉතාමත් කනගාටුදායකය.
අවධානයට ගත යුතු කාරණා:
නීතිවිරෝධී ඉදිකිරීම්: පහළ ඉදිබැද්දේ ‘හයිලන්ඩ් වෙළඳ සැල’ ලෙස හඳුන්වන ගොඩනැගිල්ලම අනවසර ඉදිකිරීමක් ලෙස පෙනී යාම.
පොදු දේපළ අත්පත් කර ගැනීම: මාර්ගයේ කාණුව සම්පූර්ණයෙන්ම සිමෙන්ති දමා වසා, එය තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අත්පත් කරගෙන තිබීම.
සෞඛ්‍ය තර්ජනය: ඩෙංගු උවදුර උග්‍ර වී තිබියදීත්, කාණු පද්ධතිය සම්පූර්ණයෙන් වැසීම මගින් එම ස්ථානය ඩෙංගු මදුරුවන් බෝවන ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් කර තිබීම.
නිලධාරීන්ගේ අවධානයට – අවසාන අනතුරු ඇඟවීමයි!
මෙම බරපතළ මහජන පීඩාව දෙස ඇස් වසාගෙන සිටින, තමන්ගේ රාජකාරිය පැහැර හරින මොරටුව නගර සභාවේ සහ සෞඛ්‍ය අංශවල අදාළ නිලධාරීන් කවුදැයි ජනතාව හොඳින්ම දනී.
මෙයින් පසු තවදුරටත් අපගේ පැමිණිලි නොසලකා හැරීමට කටයුතු කළහොත්, ලබන වතාවේ අප මේ ප්රශ්නය ප්‍රසිද්ධ කරන්නේ නීතිවිරෝධී ස්ථානයේ ඡායාරූප පමණක් නොව, මේ දූෂිත ක්‍රියාවට ඉඩ දී අන්ධයන් සේ බලා සිටින ඔබලා සියලුම නිලධාරීන්ගේ පින්තූර සහ නම් ගම් ද සහිතවය!
මහජන මුදලින් වැටුප් ලබා ගනිමින්, ජනතාව ඩෙංගු රෝගයෙන් පීඩාවට පත් වන තුරු බලා සිටින ඔබලාගේ වගකීම් විරහිතභාවය රටටම හෙළිදරව් කිරීමට අප කිසිසේත් පසුබට නොවන්නෙමු.
ගරු නගරාධිපතිතුමනි, වහාම මැදිහත් වී නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, මෙම මහජන පීඩාව නතර කරන ලෙසත් ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

Be the first to comment