“මොළ නෙමෙයි මේවා, මොළ ගේන නැව් කියන්නේ නිකංද?” – මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන වජිර අබේවර්ධනගෙන් හෙළිදරව්වක්

පසුගියදා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිදුවීම සුනාමි ව්‍යසනයකට සමාන තත්ත්වයක් බවත්, එම අවස්ථාවේදී සිරකරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බලධාරීන්ට මානුෂීය පියවරක් ගැනීමට හැකියාව තිබූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. යූටියුබ් නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

2004 වසරේ සුනාමි ව්‍යසන අවස්ථාවේදී මාතර බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක කළ පියවර ආදර්ශයට ගනිමින්, මීගමුව බන්ධනාගාරයේ ද දොරටු විවෘත කර රැඳවියන්ට පිටතට යාමට ඉඩ ප්‍රස්තාව සලසා දිය යුතුව තිබූ බව හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කළේය. එවැනි තීරණයක් ගැනීමෙන් කිසිදු හානියක් හෝ අවදානමක් සිදු නොවන බව පෙන්වා දෙන ඒ මහතා, සිරකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංක සහ විදේශ ගමන් බලපත්‍ර අංක බලධාරීන් සතුව පවතින බැවින්, ඔවුන් පිළිබඳ සොයා බැලීමේ පූර්ණ හැකියාව තිබූ බව ද ප්‍රකාශ කළේය.

තම අදහස් දැක්වීමේදී බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා ඉතා දැඩි ස්ථාවරයකින් යුතුව මෙසේ සඳහන් කළේය:

“ඊයේ පෙරේදා මීගමුවේ සිද්ධිය බලන්නකො. සුනාමියක් වගේනේ ඒ සිදුවීම. සුනාමියේදී මොකක්ද කළේ? මොකක්ද සුනාමි ආපු වෙලාවේ මාතර සිරගෙදර කළේ? මාතර හිරගෙදර ඇරලා ඔක්කොටම ගෙදර යන්න කිව්වා. ඕනේ නම් ගණන් හදලා බලන්න. සේරම ගෙදර ගියා. මාස දෙකකට විතර පස්සේ කට්ටියට ආපහු වාර්තා කරන්න කිව්වා, කිට්ටුම පොලිසියට ගිහිල්ලා රිපෝට් කරන්න කිව්වා. මට මතක විදිහට හිරකාරයෝ 5 දෙනෙක් වගේ තමයි මිසිං වුණේ. 

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, රැඳවියන්ගේ ජීවිත අහිමි කිරීම වෙනුවට ඔවුන්ට බන්ධනාගාර දොරටු විවෘත කර පිටව යාමට ඉඩ දුන්නේ නම් කිසිදු ගැටලුවක් මතු නොවන බවයි. සිරකරුවන්ගේ අනන්‍යතා තොරතුරු භාවිත කර ඔවුන් රටින් පිටවීම වැළැක්වීමට ගුවන්තොටුපොළ බලධාරීන් දැනුවත් කිරීමට හැකියාව තිබූ බවත්, සතියක කාලයක් ලබා දුන්නේ නම් එකදු සිරකරුවෙකුවත් මිය නොයන බවත් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Be the first to comment

Leave a Reply