
2026 ජූලි 19 | උදෑසන 08:05
පිලියන්දල, බොකුන්දර ප්රදේශයේදී අද අලුයම පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩුවකින් පහරදීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි ප්රහාරයකට ලක්ව තිබේ.
මෙම සිදුවීම වාර්තා වන්නේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදියි. එම යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයෙකු හදිසියේම තමන් සතුව තිබූ කඩුවක් මගින් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කිරීමත් සමඟ, පොලිසිය සිය ආරක්ෂාව උදෙසා වෙඩි තබා ඇත.
“පොලිස් නිලධාරීන් රාජකාරියේ නිරතව සිටියදී සැකකරුවෙකු කඩුවකින් පහරදීමට උත්සාහ කිරීම නිසා මෙම වෙඩි තැබීම සිදුවී තිබෙනවා. තුවාල ලැබූ සැකකරු ප්රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.”
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්රදේශයේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Be the first to comment