
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘හරක් කටා’ හෙවත් නඳුන් චින්තකගෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුණහැන්නදිගේ යන සැකකරුවන් තිදෙනා ලබන ජූලි 28 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) නියෝග කළේය.
අල්ලස් මුදල් පොලිස් ලොක්කන්ටත් ගිහින්?
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීති අධ්යක්ෂ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණය හමුවේ තීරණාත්මක කරුණු කිහිපයක් අනාවරණය කළාය.
භික්ෂුවකගේ මැදිහත් වීම: සැකකරුවන් ලබාගත් අල්ලස් මුදලින් කොටසක් භික්ෂූන් වහන්සේ නමක් හරහා උසස් පොලිස් නිලධාරීන් පිරිසක් වෙත ලබා දී ඇති බවට තොරතුරු ලැබී ඇත.
හඳුනාගත් භික්ෂුව: මුදල් බෙදාහැරීමට මැදිහත් වූ එම භික්ෂූන් වහන්සේ කවුරුන්දැයි මේ වන විට විමර්ශන අංශ විසින් හඳුනාගෙන තිබේ.
දුරකථන ඇමතුම් 1,300ක්: නඩුවට සම්බන්ධ පුද්ගලයන් අතර දුරකථන ඇමතුම් 1,300කට අධික ප්‍රමාණයක් හුවමාරු වී ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇත.
තවත් අල්ලස් චෝදනා රැසක්
මීට අමතරව, මෙම සැකකරුවන් තිදෙනාට එරෙහිව තවත් අල්ලස් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි ලැබී ඇති අතර, ඒ පිළිබඳව ද මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඒ පිළිබඳ නියෝගය ජූලි 28 වනදා ප්‍රකාශයට පත් කරන තෙක් සැකකරුවන් යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය.

Be the first to comment