මොරටුව මහ නගර සභාවේ සිදුවූ බව කියන රුපියල් මිලියන 100කට අධික මූල්‍ය අක්‍රමිකතාව :වසරකට පසුවත් මාලිමාව මේවා ගැන නිහඬ ඇයි මොරටුව ජනතාව අසයි ?

මොරටුව මහ නගර සභාවේ පෙර පාලන සමයේදී රුපියල් මිලියන 100කට අධික මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් චෝදනා එල්ල කර තිබීම මේ වන විට මොරටුව පුරවැසියන් අතර දැඩි කතාබහට ලක්වී ඇත.

( මෙම ලිපියද ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා සහ අනෙකුත් ලබා දී ඇති තොරතුරු පදනම් කරගෙන සකස් කර ඇත ? තොරතුරු ලබා ගැනීමට පෙර කල වෙනත් ඉල්ලීමක් අනුව යමින් මොමනස වෙතින් එම තොරතුරු ඉල්ලා සිටීම බොහෝ කල් ගතවන ක්‍රියාවක් බවට පත්ව තිබීම එයට හේතුව වෙයි )

මතු වී ඇති බරපතළ චෝදනා මොනවාද?

වාර්තා වන පරිදි, මෙම මූල්‍ය අක්‍රමිකතා ප්‍රධාන වශයෙන්ම සිදුව ඇත්තේ පහත ක්‍රියාමාර්ග හරහාය:

  • ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීම: ‘මග නැගුම’ වැනි ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා සම්මත ටෙන්ඩර් පටිපාටි නොසලකා හරිමින්, තම අභිමතය පරිදි ප්‍රජා පාදක සංවිධාන 12කට මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් 112ක් ලබා දී ඇත.

  • නීති විරෝධී ගෙවීම්: ගිවිසුම්ගත පාර්ශ්වයන්ට අමතරව වෙනත් පාර්ශ්වයන් වෙත මුදල් ගෙවීම් සිදු කිරීම සහ රාජ්‍ය මූල්‍ය රෙගුලාසි බරපතළ ලෙස උල්ලංඝනය කිරීම.

මෙම ක්‍රියාමාර්ග නිසා රජයට සහ මහජන අරමුදල්වලට රුපියල් මිලියන 100කට අධික අලාභයක් සිදුවී ඇති බව හෙළි වී තිබේ .

මොරටුව ජනතාව නගන ප්‍රශ්නය කුමක්ද?

මේ වන විට මොරටුව ජනතාව අතර ඇති ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ,

“මෙම දැවැන්ත මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වත්මන් පාලක මාලිමා (ජාතික ජන බලවේග) පාලනය පෙර බොහෝ චෝදනා ඉදිරිපත් කරනු ලැබූවද වසරක් ඉක්ම යද්දීත් එම චෝදනා යටතේ ගනු ලැබූ නීතිමය පියවරයන් මොනවාද?” යන්නයි.

බදු ගෙවන ජනතාවක් ලෙස, තම මුදල් අවභාවිත කළ සැකකරුවන්ට එරෙහිව නීතියේ ආධිපත්‍යය කෙතරම් දුරට හා කොපමණ වේගයකින් ක්‍රියාත්මක වේද යන්න දැනගැනීමට ඔවුන්ට අයිතියක් ඇත. නමුදු පෙර මාලිමාව නැගූ චෝදනා ප්‍රකාරව එසේ කටයුතු වේ යැයි පැහැදිලි නැතැයි ද ඔවුන් පවසයි .

ඔවුන් මේ පිලිබඳව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග මොනවාද ?

මෙවැනි දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය හිමි ආයතන කිහිපයක් පවතී:

  1. අල්ලස් කොමිසම (CIABOC): රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, දඬුවම් ලබා දීමටත් අල්ලස් කොමිසමට බලය ඇත.

  2. විගණකාධිපති වාර්තා: ජාතික විගණන කාර්යාලය මගින් වාර්ෂිකව නිකුත් කරන වාර්තාවල දැක්වෙන අක්‍රමිකතා පදනම් කරගෙන, පළාත් පාලන කොමසාරිස්වරයා සහ පළාත් අමාත්‍යාංශය හරහා විමර්ශන පැවැත්විය හැකිය.

  3. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID): මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ CID මගින් පොලිස් පරීක්ෂණ පවත්වා ඒ අනුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ හැකිය.

  4. පළාත් පාලන ආයතන ආඥා පනත: නගර සභා අරමුදල්වලට සිදු වූ පාඩුව යළි අය කර ගැනීම සඳහා නඩු පැවරීමේ හැකියාව පවතී.

මොරටුව ජනතාව දැන් බලා සිටින්නේ මෙම නීතිමය ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව නිමාවට පත් කර, මහජන මුදල් අවභාවිත කළ සැකකරුවන්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරනු දැකීමටයි.

සැබවින්ම මෙහි සත්‍ය අසත්‍ය තාවය දැන ගැනීම ඔවුනගේ මූලික අරමුණ වී තිබෙයි .

නමුදු මෙතෙක් වත්මන් පාලනය යටතේ එවැනි තොරතුරු පිළිබඳව පැහැදිලිව දැන ගැනීමට නොමැතිවීම මහත් අඩුපාඩුවක් බව මොරටුව ජනතාව පවසන්නේ මෙහි සත්‍ය අසත්‍ය තාවය හෙළිකිරීම වත්මන් මාලිමා පාලනයේ යුතුකමක් හා වගකීමක් වන්නේ ඔවුන් චෝදනාවට ලක්කල අයටද ඒ සඳහා අයිතියක් ඇති නිසාම මෙය ඉක්මණින් විසඳා ලිය යුතුම වූ ප්‍රශ්ණයක් බවයි !

Be the first to comment

Leave a Reply