
– මොරටුවේ සුරාසැල් ගැනත් සැකයක්; පාරිභෝගිකයෝ දැඩි භීතියක
පානීය ජල බෝතල් කිරීමේ නීත්‍යානුකූල ව්‍යාපාරයක මුවාවෙන් කඩුවෙල, සුදර්ශන මාවත ප්‍රදේශයේ ඉතා සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව ඇත.
පොලිස් නිලධාරීන්ට ලැබුණු රහසිගත බුද්ධි තොරතුරක් මත ඉකුත් සෙනසුරාදා දින මෙම විශේෂ වැටලීම සිදුකර තිබේ. බාහිර ලෝකයට නීත්‍යානුකූල ජල ව්‍යාපාරයක් ලෙස පෙන්වමින්, ඇතුළතින් මෙම මහා පරිමාණ මත්පැන් ජාවාරම මෙහෙයවා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් නීතිවිරෝධී ද්‍රව්‍ය තොගය
මෙම සාර්ථක වැටලීමේදී රුපියල් ලක්ෂ ගණනක් වටිනා පහත සඳහන් ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබේ:
දේශීය මත්පැන් බෝතල්: මිලිලීටර් 180 ධාරිතාවයෙන් යුත් බෝතල් 18,575ක් (සමස්ත මත්පැන් ප්‍රමාණය ලීටර් 3,345.5කි).
විදේශීය ලෙස ව්‍යාජ ලේබල් ගැසූ මත්පැන්: ලීටරයේ ප්‍රමාණයේ බෝතල් 4ක් සහ මිලිලීටර් 750ක බෝතලයක්.
අනෙකුත් ද්‍රව්‍ය: මත්පැන් පෙරීමට භාවිත කළ උපකරණ කට්ටලයක්, එතනෝල් අඩංගු බවට සැකකෙරෙන බෝතලයක් සහ කේරළ ගංජා ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 200ක්.
පොලිස් දැලට හසුවූ සැකකරුවන් හයදෙනා අවුරුදු 30, 43, 58, 59 සහ 62 යන වයස් සීමාවල පසුවන්නන් වන අතර, ඔවුන් මරදාන, වත්තල, මිහින්තලේ, දකුණු වේබඩ, සිප්පිකුලම සහ ගෙටලාව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මෙම ව්‍යාජ මත්පැන් දිවයිනේ සෙසු ප්‍රදේශ කරා ද බෙදාහැර තිබේද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන පුළුල් කර ඇත.
මොරටුවටත් බලපෑම්: සුරාසැල් ගැන පැතිරෙන ලොකු රාවය
මෙම වැටලීමත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ව්‍යාජ අරක්කු බෙදාහැරීමේ ජාලයන් පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් පවතින අතර, මත්පැන් ලොලීන් අතර බෙහෙවින් ප්‍රසිද්ධ මොරටුව ප්‍රදේශයට ද මෙහි බලපෑම එල්ල වී ඇති බව වාර්තා වේ. මොරටුව ප්‍රදේශයේ ඇතැම් බලපත්‍රලාභී සුරාසැල්වල පවා මෙවැනි හොර අරක්කු සහ ව්‍යාජ මත්පැන් විකිණීමට තබා ඇති බවට රාවයක් පැතිර ගයේ මීට බොහෝ කලකට පෙරය .
එම කරුණ පිටුපස ප්‍රබල දේශපාලකයෙකුගේ නමක්ද ඈඳී ඇති අතර මෙම අරක්කු එතනෝල් අරක්කු ලෙසින් හදුන්වන බවද රහසක් නොවේ
මේ හේතුව නිසා මොරටුවේ වෙසෙන පාරිභෝගිකයන් ඇතැම් සුරාසැල්වලින් මත්පැන් මිලදී ගැනීම පවා මේ වන විට ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ දැඩි භීතියකිනි. මොරටුවේ සිදුව ඇති තත්ත්වය පිළිබඳව ප්‍රදේශවාසියෙකු අප සමඟ මෙසේ අදහස් දැක්වීය:
“ලංකාවේ කොච්චර හොරකම්, මැරකම්, ජාවාරම් සිද්ධ වුණත් මේ වගේ ව්‍යාජ දේවල් මිනිස්සුන්ගේ ඇඟ ඇතුළට යන එක මහා අපරාධයක්. විශේෂයෙන්ම මොරටුව කියන්නේ අරක්කු බොන අය අතරේ ප්‍රසිද්ධ පැත්තක්. මෙවැනි ව්‍යාජ මත්පැන් නිසා අවසානයේ විපතට පත් වෙන්නේ සත්තු නෙවෙයි, අපේම හිත හොඳ මිනිස්සු. ඒ නිසා වගකිවයුතු බලධාරීන් වහාම මැදිහත් වෙලා මොරටුව ප්‍රදේශයේ සුරාසැල් ගැනත් මේ හොර අරක්කු ජාවාරම ගැනත් වහාම සොයා බැලිය යුතුමයි. මෙවැනි හොර අරක්කු පොළවල් සම්පූර්ණයෙන්ම තහනම් කරන්න පියවර ගන්න ඕනේ.”
පාරිභෝගික ජනතාවගේ ජීවිත අවදානමකට ලක් කරමින් සිදුකරන මෙම මහා පරිමාණ ව්‍යාජ මත්පැන් ජාවාරමේ සුලමුල සෙවීම සඳහා බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Be the first to comment