
සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියට අදාළ නඩුව අද (3) පස්වරු 2.00ට නැවත කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
නඩුවේ සැකකරුවන්:
නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ
චරිත් වසන්ත කුමාර අබේසිංහ (සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක)
වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග (සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ, ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්යක්ෂ)
නඩුව පස්වරුවට කල් තැබීමට හේතුව:
මෙම සිද්ධියට අදාළ නඩුව අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී, පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතීඥ අසෝක වීරසූරිය මහතා මේ වන විට ඉහළ අධිකරණයක වෙනත් නඩුවකට පෙනී සිටින බව ආරක්ෂක පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සංජය මාරඹේ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාට අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නඩුව අද දහවල් 2.00 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

Be the first to comment