
මොරටුව මහා නගර සභාව සතු, ප්‍රදේශයේ ක්‍රීඩා ලෝලීන් ගේ මහත් කම්පාවට හේතු ව විනාශයට ගිය කඩලාන (මැටිවත්ත) ක්‍රීඩාංගනය අද වන විට බලධාරීන්ගේ අන්ත අතහැර දැමීමට ලක්ව, අතිශය ඛේදනීය ඉරණමකට ගොදුරු වී තිබෙයි . කාගේත් නෙතට ගැටෙන, කාටත් ඇසෙන මෙම මහා විනාශය හමුවේ මෙයට වගකිවයුතු කිසිදු වගකිවයුත්තෙකුගේ කිසිදු බලධාරියෙකුගේ අවධානය මෙතෙක් යොමු නොවීම සමාව දිය නොහැකි මහා පාපයකි !
එදා වෙල්යායක් ගොඩකර මොරටුවේ දරු දැරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යය ඔප්නැංවීම උදෙසා මහත් කැපවීමෙන් ඉදිකළ මෙම ක්‍රීඩාංගනය, අද වන විට සම්පූර්ණයෙන්ම වල් බිහිවී, කුණු කසළවලින් පිරී ඉතිරී ගිය අත්භූත කලාපයක් බවට පත්ව ඇත. නඩත්තුවක් පිළිබඳ සේයාවක් හෝ නොමැති මෙම ජාතික අපරාධය පිළිබඳව අප, “පුරෝගාමියා” කණ්ඩායම ලෙස මොරටුව මහා නගර සභාවේ බලධාරීන් වෙත අපගේ දැඩි පිළිකුල සහ විරෝධය පළකරමින් මේ පිළිබඳව වහාම ඔවුන්ගේ අවධානය යොමු කරන ලෙස ඉ්ලලා සිටින්නෙමු.
ක්‍රීඩාංගනය මෙලෙස මරණ මංචකයට ඇද දමා තිබියදීත්, වගකිවයුත්තන් අන්ධයන් සේ සිටින බැවින්, අප මෙහි සැබෑ තත්ත්වය සොයා ප්‍රදේශයේ තතු දන්නා පෙර සිටි දේශපාලන බලවතුන් වෙත පියනැඟුවෙමු.
මේ මහා විනාශය පිළිබඳව මොරටුව මහ නගර සභාවේ කඩලාන කොට්ඨාශය නියෝජනය කළ හිටපු නාගරික මන්ත්‍රීවරුන් වන ප්‍රියනාත් මෙන්ඩිස් මහතා සහ තිසර මෙන්ඩිස් මහතා දැඩි කම්පනයකින් හා සංවේගයෙන් යුතුව ඒ පිළිබඳව දැක්වූ අදහස් මෙසේය…

Be the first to comment