“රාජ්‍ය ආදායම් කළමනාකරණය සහ පොදු සේවා ඩිජිටල්කරණය කඩිනම් කෙරේ”

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක / සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා

“රාජ්‍ය ආදායම් කළමනාකරණය සහ පොදු සේවා ඩිජිටල්කරණය කඩිනම් කෙරේ”

“2026 වසරේ රටේ සමස්ත රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) ප්‍රතිශතයක් ලෙස 15.8% දක්වා යම් ප්‍රමාණයකින් පහත වැටෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පුරෝකථනය කර තිබෙනවා. වාහන ආනයන සීමාවන් ක්‍රමයෙන් ලිහිල් කිරීම වැනි ප්‍රතිපත්තිමය වෙනස්කම් මීට බලපා ඇති අතර, එම තත්ත්වයන් හමුවේ වුවද රටේ මූල්‍ය ස්ථාවරත්වය සහ විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීමට කැබිනට් මණ්ඩලය අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.

ජනතාව මත තවදුරටත් බදු පැටවීම වෙනුවට බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා RAMIS පද්ධතිය ඇතුළු සමස්ත රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර මේ වන විටත් ආරම්භ කර අවසන්. කෘෂිකර්මාන්තයට සහ දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රයට අවශ්‍ය සහන සලසමින්, ජනතාව මුහුණ දෙන ජීවන වියදම් පීඩනය අවම කිරීම සඳහා වන ආර්ථික උපායමාර්ගයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) එකඟතාවන්ටද හානි නොවන පරිදි ඉදිරියටම ක්‍රියාත්මක කරනවා.”

(ජූනි 23, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව – කොළඹ)

Be the first to comment

Leave a Reply