මාලිමාවේ නිහඬ කුණාටුව: දූෂිත අපරාධකරුවන් අන්දමන්ද කරමින් හමයි ?

පිටතින් සිටිමින් රටේ දේශපාලන පසුබිම දෙස විමසිලිමත්ව බලන විට, කවදත් මහා ශබ්දයෙන් සහ උද්‍යෝගයෙන් මැතිවරණ වේදිකා ගිනිබත් කළ බොහෝ දේශපාලනඥයන් අද ‘තක්බීර්’ වී නිහඬව සිටිනු දැකගත හැකිය. එහෙත්, මෙම නිහඬතාව සමස්ත දේශපාලන පද්ධතියම නියෝජනය කරන්නක් නොවේ. මෙය මූලික වශයෙන්ම පසුගිය කාලය පුරා රටේ සම්පත් කොල්ලකමින්, දූෂණය සහ වංචාව තම වෘත්තිය කරගත් පිරිසගේ කඳවුරේ ඇතිවී තිබෙන බියකරු නිහඬතාවකි.

දූෂිතයන්ගේ නින්ද නොයන රෑ

විශේෂයෙන්ම විපක්ෂයේ බොහෝ දෙනෙක් අද ජාතික තලයේ පමණක් නොව, ග්‍රාමීය මට්ටමේ පවා සිටින්නේ අන්ත අසරණව සහ අන්දමන්ද වී ය. මාලිමා රජය බලයට පත් වූ අලුත “මේ අය කිසිවක් කරන්නේ නැත” යැයි කියමින් විපක්ෂය උත්සාහ කළේ මහජන මතය වෙනතකට හරවා බියක් ඇති කිරීමටය. නමුත්, අද වන විට රජය ක්‍රියාත්මක කරමින් සිටින්නේ ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ප්‍රහාරයකි.

අප වෙත ලැබෙන විශ්වාස කටයුතුම ආරංචි මාර්ග තහවුරු කරන පරිදි, දූෂණයට, වංචාවට සහ ජනතා මුදල් සොරකම් කිරීමට සම්බන්ධ වූ බොහෝ දේශපාලනඥයන්ගේ නම් ඇතුළත් ලේඛන දැනටමත් සකසා අවසන් ය. තමන්ගේ නම ඒ ලැයිස්තුවේ ඇති බව දැනගත් පසු, දශක ගණනාවක් තිස්සේ ජනතාව පීඩාවට පත් කළ එම දූෂිත බහුතරය අද අන්දමන්ද වී සිටිති. තමන්ගේ දූෂිත අතීතය නීතියට හසු වනු ඇතැයි යන පීඩනයෙන් මිරිකෙමින්, ඊයේ දක්වා උඩඟු ලෙස හැසිරුණු ඔවුන් අද තම අනාගතය ගැන බියෙන් පසු වෙති.

හිඟන්නන් සේ රඟපෑවද, පල දෙන කාලය

කලක් රටේ පාලනය තීරණය කළේ පාතාලයේ සහ දූෂිත නිලධාරීන්ගේ සෙවනැලි වලිනි. පොලිස්පති තනතුරු ඇතුළු ඉහළ නිලයන් පවා දේශපාලන අතකොළු බවට පත් වී තිබූ අතීතය දැන් වේගයෙන් මකා දැමෙමින් පවතී. අද දින සිය දූෂණ හෙළි වන විට, ඇතැම් දේශපාලනඥයන් තමන් පිරිසිදු බව පෙන්වීමට, අසරණ බව මවා පාමින්, හිඟන්නන් සේ රඟපෑවද, ඔවුන් වටා සිටින ජනතාව සත්‍යය හොඳින් දනී. ඔවුන් සොරකම් කළ අයුතු ධනය ඔවුන්ටම ශාපයක් වී ඇති කාලයක් උදාවී තිබේ.

මෙහිදී වටහා ගත යුතු වැදගත් කරුණ නම්, මෙම ක්‍රියාවලිය දේශපාලන ක්ෂේත්‍රයේ සිටින සියල්ලන්ටම එරෙහිවන්නක් නොවන බවයි. මෙය එල්ල වී ඇත්තේ මෙතෙක් කලක් දූෂණයෙන්, වංචාවෙන් සහ පාතාල සබඳතා මගින් රටේ දේපළ විනාශ කළ, මහජන ද්‍රෝහී බහුතරය වෙත පමණි.

දැන් සිදුවෙමින් පවතින්නේ හුදෙක් දේශපාලන දඩයමක් නොව, දශක ගණනාවක් රට විනාශ කළ අශුද්ධ ගනුදෙනු වලට එරෙහිව නීතියේ සාධාරණ ක්‍රියාත්මක වීමයි. ලැයිස්තු සූදානම් වී හමාර ය; දැන් සිදුවෙමින් පවතින්නේ ක්‍රියාත්මක කිරීමේ අවසාන අදියරයි. යුක්තියේ ගමන දැන් කිසිවෙකුටත් නැවැත්විය නොහැකි බව, අද නිහඬව සිටින එම දූෂිත පිරිස හොඳින්ම දනිති.

මෙම පියවරයන් නිසා ඉදිරි සති කිහිපය තුළ දේශපාලන ක්ෂේත්‍රයේ තවත් පෙරළිකාර සිදුවීම් රැසක් අපට දැකගැනීමට හැකිවනු ඇත !

Be the first to comment

Leave a Reply