“අමනයාට ඉඩ සත්‍යයට වැට ! ෆේස්බුක් අන්තෝ ජටා බහි ජටා බව මොරටුවෙන් පැහැදිලි වේ !”

මොරටුව මෝදර ප්‍රදේශයේ පදිංචි නිශ්ශංක නැමැති පුද්ගලයා එදාවේල සපයා ගනිමින්, ඉතා අහිංසක ලෙස තම දරු පවුල නඩත්තු කරන අයෙකි. එහෙත්, මෙම ඡායාරූපයේ සිටින වංචනික පුද්ගලයා විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ ගිණුමකින් පැමිණ, මෙම අසරණ මිනිසාගේ ඡායාරූපයක් සොරාගෙන ඇත. ඉන් පසුව ඔහු මංකොල්ලකරුවකු සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු ලෙස හඳුන්වමින් දැඩි අපහාසාත්මක සහ අසත්‍ය පෝස්ටුවක් නිර්මාණය කර ප්‍රසිද්ධියට පත් කර තිබේ.

එයින්ද නොනැවතුණු මෙම නින්දිත පුද්ගලයා, අදාළ පෝස්ටුවේ අඩංගු අසත්‍ය කරුණු නිවැරදි කිරීමට ඉදිරිපත් වූ අනුරුද්ධිකා නැමැති සමෘද්ධි නිලධාරිනියටද චෝදනා එල්ල කර ඇත. ඇයද මෙම මංකොල්ලකෑම්වලට හවුල් වී ඇති බව පවසමින් ඔහු නැවත වතාවක් ෆේස්බුක් හරහා දැඩි අසත්‍ය ප්‍රචාරයක් දියත් කළේය.

මෙම සිදුවීමේ සැබෑ තත්ත්වය රටට හෙළි කරමින් සහ ෆේස්බුක් හරහා නින්දිත ක්‍රියාවල නිරත වන මෙම පුද්ගලයා පිළිබඳව වීඩියෝ ප්‍රකාශ මෙන්ම සත්‍ය කරුණු රැසක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරිණි. එමෙන්ම, මෙම අපහාසාත්මක පෝස්ටු සම්බන්ධයෙන් ෆේස්බුක් (Facebook) ආයතනය වෙතද නිල වශයෙන් පැමිණිලි කර දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.

නමුත් පුදුමයට කරුණ නම්, එම පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය, සත්‍යය හෙළි කරමින් මෙම වංචනිකයාගේ ඡායාරූප පළ කළ පාර්ශවයන්ට එරෙහිව ගිණුම් තහනම් කිරීම් වැනි “දඬුවම්” පැනවීමට කටයුතු කිරීමයි.

මෙයින් මනාව පැහැදිලි වන්නේ ෆේස්බුක් ආයතනය ව්‍යාජ ගිණුම්කරුවන්ට සහ සමාජ ද්‍රෝහීන්ට දඬුවම් නොකර, සත්‍යය වෙනුවෙන් පෙනී සිටින මිනිසුන්ව දඬුවමට ලක් කරන අමනෝඥ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

Be the first to comment

Leave a Reply