අධිභාර පිළිබඳව වැඩිදුරටත් මෙම පහත වීඩියෝව නැරඹිමෙන් වටහාගත හැකිය !
You can understand more about surcharges by watching the video below!

වසර 20 ක් පමණ අයකර නොගත් මොරටුව මහා නගර සභාවේ රුපියල් ලක්ෂ 22 ක ඉන්ධන දීමනා අධිභාරය ?

පුරෝගාමියාගේ මේ හෙළිදරව්වට මුල් වූ පසුබිම වන්නේ මොරටුව මහා නගර සභාවේ අතීත හා වත්මන් පාලනයන් තුළ යම් මුදලක් අයතා ලෙසින් මහජන නියෝජිතයන් නිසා හෝ නිලධාරීන් නිසා විනාශ වී ඇත්දැයි සොයා බැලීමට ඒ පිළිබඳව ලද සාමාන්‍ය ආරංචි නිසාමය .

එසේ සොයා යාමේදී මොරටුව මහා නගර සභාව තුළ තවමත් දශක දෙකක් පමණ එකතු කර නොගත් අධිභාර ලෙසින් රුපියල් එක්කෝටි දහ අට ලක්ෂයක පමණ මුදලක් ඇති බව දැනගැනීමට ලැබිණි.

නමුදු අරංචියක් මත පදනම්ව මෙවැනි වගකිවයුතු කරුණක් හෙළිදරව් නොකල යුතු නිසාම පුරෝගාමිය තොරතුරු පනත අන්ව මොමනස වෙතින් තොරතුරු ඉල්ලා සිටියේය .

එයටද දින 35 ක් පමණ ඔවුන් ලබා ගන්නා අතරතුර පුරෝගාමියා හැකි සියලු අවස්ථා සොයා යමින් වැඩි දුරටත් මේ පිළිබඳව සොයා බැලුවේය .

එම අධිභාර පිළිබඳව 'පුරෝගාමියා' එසේ සොයා ගොස් මෙසේ හඬ නගන්නේ මොමනස වගකිවයුතු කිසිවෙකුත් මේ පිළිබඳව වගකීමෙන් සොයා නොබැලීම නිසාම මේ අයතා ලෙසින් විනාශ වී යන්නේ මොරටුව ජනතාවගේ බදු මුදල්ම වන නිසාය ,

පුරෝගාමියා මොරටුව ප්‍රමුඛව ප්‍රකාශ වෙබ් අඩවියක් වන නිසාම පුරෝගාමියාගේ සාධාරණ අයිතිය හා යුතුකම වන්නේ සැමවිටම මොරටුව ජනතාවගේ  අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමම බව මෙසේ පැහැදිලි කර දිය යුත්තේ මෙය කිසිවෙකුට එරෙහිව සිදු කරනා ක්‍රියාවක් නොව මොරටුව ජනතාවගේ මුදල් වෙනුවෙන් සිදු කරනා වූ හඬ නැගීමක් වන නිසාමය

මොමනසට ගත හැකි උපරිම කාලය ගනු ලැබූ අදාළ තෙරතුරු ලබා දෙන නිලධාරීන් ලබා දුන් සත්‍ය හා අසත්‍ය තොරතුරු පදනම් කරගනිමින්,

පුරෝගාමියා මෙසේ මොරටුව ජනතාව වෙත මෙම සත්‍ය හෙළදරව්ව සිදු කරනු ලබන්නේය .

පුරෝගාමියා වෙනුවෙන් මොමනස වෙතින් මෙම තොරතුරු ඉල්ලා සිටිමින් යොමු කල ඊමේලය
( Jun 17, 2026, 9:25 AM )

තොරතුරු පනත අනුව එයට දින 14 ක් හා යලි දින 21 ක් ලෙසින් දින 35 ක් ලබා ගැනීමේන පසුව මොමනස තොරතුරු ලබාදීමේ නිලධාරියා විසින් ලබා දුන් තොරතුරු පිළිබඳ විස්තරය

ඉල්ලුම් කල තොරතුරු පිළිබඳ ප්‍රශ්ණ වලට ඔවුන් ලබාදුන් පිළිතුරු අනුව මෙම අධිභාරය අයකර ගැනීමට හැකි අවස්ථාවන් ඔවුන් විසින් වසර විස්සක පමණ කාලයක් පැහැර හැර ඇති බව පුරෝගාමියා මෙසේ පෙන්වා දෙනු ලබනා අතර අතීත පාලනයන් හා වත්මන් පාලනයන්ද මේ පිළිබඳව පුරෝගාමියා ප්‍රශ්ණ නොකරන්නට කිසිවක් සිදු නොකරමින් සිටිනු ඇති බවට වන විශ්වාසය මත මෙසේ මොරටුව ජනතාවගේ මුදල් විනාශ කරමින් නිහඬව සිටීම මෙසේ ප්‍රශ්ණ කරන්නෙමු ?

  • මොරටුව මහ නගර සභාවේ රුපියල් 2,266,085.62 ක (ලක්ෂ 22.66 ක්) ඉන්ධන දීමනා අක්‍රමිකතාව: තොරතුරු වසන් කිරීමේ පරස්පරතා සහ මහජන මුදල් පිළිබඳ ප්‍රශ්න කිරීම

පුරෝගාමියා මොමනස වෙතින් සිදුකල මෙම ප්‍රශ්න අතුරින් කීපයක් (03ක්) වෙන් වෙන් වශයෙන් ගෙන මතු කරන ප්‍රධාන ගැටළුව වන්නේ, අප විසින් ඉල්ලා සිටි මූලික කරුණු කිහිපයකටම “සොයාගත නොහැක” යනුවෙන් පිළිතුරු ලබා දී තිබීමයි

අදාළ කාල සීමාවන් ද ලබා ගනිමින් මෙවැනි පිළිතුරු ලබා දීම තුළින්, මෙම කරුණු හිතාමතාම වසන් කිරීමේ උත්සාහයක් පවතීද යන සාධාරණ සැකය අප තුළ මතු වේ.

1. නගර සභාවෙන් අසන ලද මුල්ම ප්‍රශ්ණ තුන සහ එහි පරස්පරතා

  • මූලික පදනම පිළිබඳ ගැටළුව: මොරටුව නගර සභාව මහ නගර සභාවක් බවට පත් කළ දින සිට මන්ත්‍රීවරුන්ට ඉන්ධන දීමනා ගෙවීම සඳහා භාවිතා කරන ලද නීතිමය හෝ පරිපාලන පදනම කුමක්දැයි ඇසූ විට, එය “සොයා ගත නොහැක” යනුවෙන් දන්වා ඇත. නමුදු නගර සභාව විසින්ම අප වෙත එවූ ඇමණුම් තුළින් පවා එයට යම් පිළිතුරක් පැහැදිලි කර ගැනීමට හැකියාව තිබියදී, මෙසේ “සොයාගත නොහැක” යැයි පැවසීම පිළිගත හැකි තත්ත්වයක් නොවේ. මෙය ප්‍රශ්ණය තව දුරටත් වසන් කිරීමක් සේ අපට හැගෙයි

  • නම් සහ මුදල් ප්‍රමාණයන් වසන් කිරීම: ඉන්ධන දීමනා ලබාගත් සියලුම මන්ත්‍රීවරුන්ගේ නම් සහ ඔවුන් ලබාගත් මුදල් ප්‍රමාණයන් පිළිබඳ විස්තර මෙන්ම, එහි මුලු එකතුව පවා නිල වශයෙන් ලබා දීම ද මගහැර ඇත. එදා මෙන්ම අදද මෙම මුදල් ලබාගත් අයගේ විස්තර රහසක් ලෙස තැබීමට උත්සාහ කරන්නේ ඇයිද යන්න තුලින් මේ නිසා මතු වන්නේ මෙය අධිභාරයක් නොව දූෂණයක් යන තත්වයේ කරුණක් බවට පත් කිරීමයි

  • පෞද්ගලිකත්ව ගැටළුවක් නොවීම: අප මෙම තොරතුරු විමසනු ලැබුවේ අප කිසිවක් නොදන්නා නිසාම නොව, එය නිල වශයෙන් තහවුරු කර ගැනීම සඳහාය. මෙහි කිසිදු පෞද්ගලිකත්වය හා ගැටළුවක් නොවනා නමුුදු , අසත්‍ය හෝ මඟහරින සුළු පිළිතුරු ලබා දීම තුළින් මොරටු ජනතාව මෙම කරුණ විශාල දූෂණයක් ලෙස සිතීමට පෙළඹෙනා බව මෙම පිළීතුරු ලබා දුන් නිලධාරීන් නොසිතුවා විය හැකිය . නමුදු දශක දෙකක් පමණ සැගවූ අධිභාරය මෙසේ තොරතුරු පවා සැගවීමෙන් වන්නේ එතුලින් තවත් ප්‍රශ්ණයක් ඇති කිරීමක් බව අපගේ විශ්වාසයයි .

  • අධිභාරයක් යනු දණ්ඩනයක් නොවන බව අප දන්නා නමුත්, දශක දෙකකට ආසන්න කාලයක් මෙම මුදල් අය කර නොගැනීම සහ තවමත් එය රහසක් කොට තැබීම නම් මොරටුව මහජනතාවට කරන දණ්ඩනයක් වැනිය. එනිසා,  මෙවැනි තත්වයන් තුල දේශපාලන අධිකාරියට සෘජුව මෙ පිළිබඳව අප චෝදනා එල්ල නොකරනා නමුත් වසර විස්සකට ආසන්න කාලයක් මෙසේ අධිභාරයක් පැනවූ කරුණක් වසා ඇත්තේ එම දේශපාලන අධිකාරීන්ද මෙයට බලපෑම් කල නිසා නම් එය දැඩි දඩුවම් නියම කල හැකි දූෂණය නම් වරදක් වන බවද අප මේ සිහිපත් කරන්නේ එසේ වුවහොත් තත්වය මෙයට වඩා බරපතල වන නිසාමය

         2. තොරතුරු ඉල්ලූ විට නගර සභාව ගත් කාලය සහ නිකුත් කළ                    පරස්පර පිළිතුර

මොරටුව නගර සභාව මහ නගර සභාවක් බවට පත් කළ දින සිට හිටපු මන්ත්‍රීවරුන්ට ගෙවන ලද ඉන්ධන දීමනා සහ අධිභාර සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත (RTI) යටතේ තොරතුරු ඉල්ලා සිටි විට ඒ සඳහා උපරිම කාලය ලබා ගත් ඔවුන් ගේ ක්‍රියාවන් මෙසේය …..

  • නගර සභාවේ කාලය ගැනීම: මෙම තොරතුරු ලබා දීමට නගර සභාව මුලින් දින 12ක (සමහර අවස්ථාවල දින 14ක) කාලයක්ද, පසුව තවත් දින 21ක කාලයක්ද ලබා ගනිමින් කාලය ගත කළේය. එය සාමාන්‍ය බව අප දනිමු නමුදු ඉන් පසුව තොරතුරු සේ ලැබෙන්නේ පිලිගත නොහැකි තත්වයේ තොරතුරු වීම කණගාටුවකි .

  • නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරයාගේ පිළිතුර: අවසානයේදී, වැඩබලන නියෝජ්‍ය නාගරික කොමසාරිස් එම්.කේ.ඩී.ටී. මුණසිංහ මහතා විසින් නිකුත් කරන ලද ලිපියෙන් (ලිපි අංකය: MMC/ADM/01/12/INFO/17/2026) දන්වා ඇත්තේ “එක් එක් පුද්ගලයාට වෙන වෙනම අධිභාර පනවා නැත” යනුවෙනි.

  • ලිපිය තුළම ඇති පරස්පරතාව: එක් අතකින් “පුද්ගලයන්ට වෙන වෙනම අධිභාර පනවා නැත , යැයි පවසන නගර සභාවම, එම ලිපියෙන්ම “විගණකාධිපති විසින් නිකුත් කර ඇති අධිභාර සහතික 10 ක පිටපත්” අමුණා එවන බවද සඳහන් කර ඇත. පුද්ගලයන්ට අධිභාර පනවා නැත්නම්, අධිභාර සහතික 10ක් අමුණන්නේ කෙසේද යන්න බරපතල ගැටළුවකි. මේ නිසා එම පිලිතුරුම හිතා මතාම ලක්ෂ 22 ක මුදලක් ඔහේ යන්නට ඉඩ දී මොමනස වගකිවයුත්තෝ ක්‍රියා කර ඇති බව ඉතාම පැහැදිලිය 

3. මොරටුව ජනතාවගේ මුදල් විනාශ වීම සහ විගණන වාර්තා මතු කරන ප්‍රශ්න

 මෙය කිසිදු පාර්ශ්වයක් සමඟ ඇති පුද්ගලික වෛරයක් නිසා මතු කරන කාරණයක් නොවේ. මොරටුව මහා නගර සභා සීමාවේ ජීවත් වන අහිංසක ජනතාවගේ දහඩිය මහන්සියෙන් ගෙවන බදු මුදල් සම්බන්ධයෙන් මොමනස මතු වී ඇති තත්ත්වය විනාශකාරී බව ඉතා පැහැදිලි නිසාම නැගෙන්නකි .

මේ පිළිබඳව මෙරටුව ජනතාවගේ ප්‍රශ්ණ පිළිබඳව හැම විටම හඬ නගනා විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් වෙතින් ද පුරෝගාමියා විමසූ කල සැබවින්ම ඔවුන්ගෙන් ලද පිලිතුරු ද මේ පිළිබඳව කිසිවක් නොදන්නා පන්නයේ වූ පිලිතුරුම වූ නිසා අප මෙසේ යලිත් සියල්ලන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මෙම මුදල් නැවත අයකර ගැනීමට මොමනස නිලධාරීන් යොමුකරවනා ලෙසට හෝ මෙම මුදල් නැවත ගෙවනා මෙන් අදාල තැනැත්තන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනා ලෙසටය 

  • මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ට වෙනත් සංවර්ධන ව්‍යාපාරික ප්‍රතිපාදන මාරු කරමින් ලබා දී ඇති මෙම නීති විරෝධී ඉන්ධන දීමනාවේ මුළු මුදල රුපියල් 2,266,085.62 කි.

  • විගණකාධිපතිවරයා විසින් අධිභාර සහතික නිකුත් කර ඇතැයි නගර සභා ලිපිවල 2007 සිටම සඳහන් වේ , වසර නොව දශක ගණනාවක් තිස්සේ මෙම මුදල් අය කර ගැනීමට නිසි ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්ද යන්න සහ තොරතුරු ඉල්ලූ විට නිශ්චිත පුද්ගල විස්තර ලබා නොදී මඟහරින්නේ ඇයිද යන්න පුරවැසියන් ලෙස අප අසන ප්‍රධාන ප්‍රශ්නයයි.

  • අපගේ අරමුණ පුද්ගල නාම ප්‍රසිද්ධ කිරීම නොව, මොරටුව ජනතාවගේ මුදල් නැවත අයකර ගන්නැයි බලධාරීන්ට මතක් කර දීම සහ අදාළ පාර්ශ්වයන්ගෙන් එම මුදල් යළි අය කර ගැනීමට කාරුණිකව දැනුම් දීමයි.

  • නමුදු මෙය තව දුරටත් ඉටු නොවන්නේ නම් එසේ වන තත්වයක් දක්වා වුවද මෙය ගෙන යා යුතු බව එනිසාම සියල්ලෝ වටහාගත යුතුය !

4. තොරතුරු පනත යටතේ ඇති නීතිමය තත්ත්වය සහ වගකීම යලිත් කාරුණිකව දැනුම් දීම ….

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ මහජනතාව විසින් ඉල්ලා සිටින තොරතුරු ලබා දීමේදී සිතා මතාම කාලය කා දැමීම, නොමඟ යවන සුළු හෝ පරස්පර තොරතුරු ලබා දීම යනු තොරතුරු පනතේ විධිවිධාන යටතේ ප්‍රශ්න කළ හැකි සහ තොරතුරු කොමිෂන් සභාව හමුවට ගෙන යා හැකි කරුණකි.

එමෙන්ම, විගණකාධිපතිවරයා විසින් පෙන්වා දී ඇති පරිදි මොරටුව ජනතාවගේ බදු මුදල් ලෙස විනාශ වී ඇති මෙම රුපියල් 2,266,085.62 ක මුදල් සම්බන්ධයෙන්, අතීත පාලනයන් මෙන්ම වත්මන් පාලනයන්ද වගකීමෙන් තොරව කටයුතු කරන්නේ නම්, එය මහජන මුදල් ආරක්ෂා කිරීමට ඇති වගකීම පැහැර හැරීමකි.

මෙම අධිභාර පිළීබඳව පුරෝගාමියාට වඩා මනා දැනුමක් මොමනස එම නිලදාරීන්ට ඇත් බව අප විශ්වාස කරන්නෙමු .

නමුදු ඔවුන් මෙතෙක් මේ අධිභාර පිළිබඳව කල් මරමින් ක්‍රියාකර ඇති ආකාරය නිසාම කරුණාකර ඉහත පලකොට ඇති වීඩියෝව තුලින් මදක් විමසා බලා අධිභාරයක් අයකර ගැනීම කෙලෙස සිදුකල යුතු දැයි වටහා ගන්නා මෙන් ඉල්ලා සිටින්නේ අධිභාර හැකි ඉක්මණින් අයකර ගත යුතු බව හා ඒ පිළිබඳ බොහෝ තොරතුරු එහි අඩංගු වන නිසාය .

අවසාන නිගමනය සහ අපගේ ඉල්ලීම

පෙර පාලනයන් විසින් මෙම නීති විරෝධී ගෙවීම් සිදු කළ නිසා සහ ඔවුන්ගේ කාලයේ එම මුදල් අය කර ගැනීමට ක්‍රියා නොකළ නිසා, වත්මන් පාලනයද ඒ පිළිබඳව නිහඬව සිටීම හෝ දැන හෝ නොදැන තොරතුරු වසන් කිරීමට උත්සාහ කිරීම මෙතුලින් මෙදා උද්ගතව ඇති තත්වය බව වටහාගත යුතුය  . පාලන බලය වෙනස් වූ පමණින් මහජන මුදල් කොල්ලකෑම් ස්වභාවිකව යටපත් වන්නේ නැති බව මෙතුලින් වටහා ගත හැකි වනු ඇත

‘පුරෝගාමියා’ වෙබ් අඩවිය ලෙස අප අවසාන වශයෙන් මොරටුව ජනතාව වෙනුවෙන් මේ පිළිබඳ නිලධාරින්ගෙන් ද බලධාරීන්ගෙන් හා පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින්ගෙන් ද මහත් වුවමනාවෙන් ඉල්ලා සිටින්නේ මෙයයි

මොරටුව මහ නගර සභා සීමාවේ වෙසෙනා අහිංසක ජනතාවගේ බදු මුදල් මෙසේ අත්තනෝමතික ලෙස විනාශ ව යන්නට ඉඩ නොදෙමින් ඔබගේ අවංක සහයෝගය සහ මැදිහත් වීම මෙම මහජන මුදල් යළි අය කර ගැනීම ට බල කිරීම හඬ නැගීම වෙනුවෙන් පුරෝගාමියා වෙත ලබා දෙන්න

මොරටුව ජනතාවගේ සල්ලි සතය නෑර නැවත ඔවුන් වෙනුවෙන් ලබා ගන්නා තුරුත්, මෙය තවදුරටත් කිසිවක් සිදු නොවනා සේ වසා දැමීමට කටයතු සිදු කරන්නේ නම් ඊට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තුරුත් ‘පුරෝගාමියා’ අපි මේ අසත්‍යයන් හා දූෂණයන්ට එරෙහිව අපේ හඬ අඛණ්ඩව නගන්නෙමු ! මේ වෙනුවෙන් වගකීමෙන් යුතුව පෙනී සිටින්නෙමු !

මේ ඒ වෙනුවෙන් තබනා පළමු පියවර බව සිහිපත් කරන්නේ මහත් වුවමනාවෙන් හා වගකීමෙනි.

* පුරෝගාමියා *

අධිභාර සහතිකයක් නිකුත් කරනා විට ඒ පිළබඳව හේතු දැක්වීමක්ද සිදුකර ඇති අතර එම හේතු දැක්වීම පොදුවේ මෙම පහත ඡායා පිටපතින් හෙළිවන අතර අවසන් ලෙසින් එම අධිභාරයන්හි ප්‍රගතිය විමසීමද 2026 ජනවාරි 07 දාතමින් බස්නාහිර පලාතේ පලාත් පාලන දෙපාර්තමේන්තුව විසින් විමසනා ලද ඡායා පිටපත තොරතුරු දන්වාලමින් මොමනස වෙතින් අපවෙත ලැබී තිබෙයි .

මේ අනුවද 2007 ජනවාරි 26 දින අධිභාර සහතික නිකුත් කලදා සිට එහි අවසන් විමසුම වූ 2026 ජනවාරි 07 දක්වා ද මෙ පිළිබඳව මොමනස වගකිවයුත්තෝ ක්‍රියාත්මක විණිනම් ?
යන තැන සිට තවත් බොහෝ ප්‍රශ්ණ කිරීම් මතුකල හැකි වුවද පුරෝගාමියාට අවශ්‍ය වන්නේ අධිභාර සහතිකය නිකුත් කර තිබියදීත් ඊට කිසිදු ඉල්ලීමක් අභියාචනයක් හෝ වෙනත් කිසිදු ක්‍රියා මාර්ගයක් අධිභාර සහතික හිමිවූවෝ හෝ එම කණ්ඩායම ගෙන ඇති බවක් සඳහන් නොවනා බැවින් මෙපමණ කාලයක් මේ දක්වා මෙම අධිභාර අයකර ගැනීමට ක්‍රියා නොකිරීම සැබවින්ම වරදක් වන බවය .
කෙසේ වුවද බොහෝ ප්‍රශ්ණ කිරීම් හෝ තර්ක විතර්ක ගොඩ නැගීම පසෙක තබනා පුරෝගාමියා මෙසේ මේ හෙළිදරව්ව කරමින් ඉල්ලා සිටින්නේ මෙම ලක්ෂ 22 ක් වූ අධිභාරය හැකි ඉක්මණින් අයකර ගැනීමට කටයුතු කල යුතුම බව පමණකි !

පුරෝගාමියා